top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඉතාලියේ දී අගමැතිවරයාට ජනතා හරසර...



අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බොලොඤ්ඤා හි නවාතැන්ගත් හෝටලය අසල දී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික හා ඉතාලි ජනතාවගේ මහත් හරසරට ලක් වූහ.

ජී 20 අන්තර් ආගමික සංසදය (G20 Interfaith Forum) ට එක්වීම සඳහා අග්‍රාමාත්‍යතුමා නවාතැන්ගත් හෝටලයෙන් ඊයේ (12) පස්වරුවේ පිටතට යන අවස්ථාව දැක බලා ගැනීමට මෙසේ විශාල පිරිසක් හෝටල් පරිශ්‍රය අසළ රැස්ව සිටියහ. අග්‍රාමාත්‍යතුමාට සහ ආර්යාවට සුබ පැතුම් එක්කරමින් ඔවුන් තම ජංගම දුරකථන ඔස්සේ ඡායාරූප ලබා ගැනීමටත් සුබ පැතුම් එක්කිරීමටත් උත්සුකවන අයුරු දක්නට ලැබිණි. ජී 20 අන්තර් ආගමික සංසදය ඇමතීමට යන තමන්ට සුබ පැතුම් එක්කළ ජනතාවට අග්‍රාමාත්‍යතුමා ද සිය ආචාරය පුද කළේය. අග්‍රාමාත්‍යතුමා ඊයේ පස්වරුවේ ජී 20 අන්තර් ආගමික සංසදය (G20 Interfaith Forum) ආරම්භක සැසිය ඇමතූ අතර එහි සැසිවාර හෙට (14) දින දක්වා පැවැත්වෙයි.

0 views0 comments
bottom of page