ඉඩම් ලියාපදිංචියේ දි සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට....




ජනාධිපතිතුමාගේ ප්‍රකාශය......

ඉඩම් ලියාපදිංචියේ දි සිදුවන වංචා නතර කිරීමට සහ ලියාපදිංචි ක්‍රමවේදය වේගවත් කිරීමට e-Land වැඩසටහන (විද්‍යුත් ක්‍රමය) කඩිනම් කරන්නැයි e-Land (විද්‍යුත් ක්‍රමයට) වැඩසටහන පිළිබඳව අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී මම උපදෙස් දුනිමි.

වංචනික ඉඩම් ලියාපදිංචිය සහ ප්‍රමාදය හේතුවෙන් ජනතාව ගැටළු රැසකට මුහුණ පා සිටිති. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඉඩම් නිරවුල් කිරීමේ ආයතනය, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව e-Land (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචි වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාව මම ඔවුන්ට පෙන්වා දුන්නෙමි.

මෙම ගැටළු වලට පිළිතුරු සෙවීමේදී ඉඩම් ලියාපදිංචිය ආශ්‍රිතව ආයතන අතර ඒකාබද්ධතා ඉතා වැදගත් වේ. එබැවින් ඒකාබද්ධව කමිටුවක් ස්ථාපනය කර වැඩසටහන කඩිනම් කරන්නැයි වනජීවි, වන සංරක්ෂණ සහ පරිසර අමාත්‍යාංශවලට මම උපදෙස් දුන්නෙමි.

e-Land (විද්‍යුත් ක්‍රමය) ලියාපදිංචිය යටතේ ඔප්පුව, පත්ඉරුව, පරිගණකගත කෙරේ. පත්ඉරු ලබාගැනීමේදී පරිගණක මුද්‍රණයක් නිකුත් කිරීමටත්, නීතිඥවරුන්ට, නොතාරිස්වරුන්ට සහ ඕනෑම පුද්ගලයෙකුට හෝ රාජ්‍ය ආයතනයකට හෝ online ක්‍රමයට ඉඩම් තොරතුරු ලබා ගැනීමටත් අවස්ථාව සැලසේ. එමගින් ඉඩම් වංචාවන්ට තිත තැබීමට හැකිවන බව නිලධාරීහු පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමග එක්ව අගෝස්තු මාසය වන විට වැඩසටහන ජනගත කිරීමට අපේක්ෂා කෙරේ. මෙලෙස e-Land (විද්‍යුත් ක්‍රමය) යටතේ ලියාපදිංචි කෙරෙන ඉඩම් වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික පාස් පොතක් නිකුත් කිරීමට ද සැලසුම් කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක, රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතාන, ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්.එම්. සී.එම්. හේරත්, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් ජෙනරාල් පී.එම්.එච්. ප්‍රියදර්ශනී, මැණුම්පති ඒ.එල්.එස්.සී. පෙරේරා, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සභාපති ජයන්ත ද සිල්වා යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017