top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් කෝටි 151 ඉක්මවයි....



ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1511 ඉක්මවා තිබේ.

සබරගමුව පළාත් සභාවේ රාජ්‍ය සේවකයින් රුපියල් 17,504,709.35ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ. අදාළ පරිත්‍යාගය සබරගමුව පළාත් සභාවේ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙන ලදී. ඩබ්.ඒ. උපාලි ප්‍රේමතිලක මහතා රුපියල් 100,000ක්, ජේ. ලලිතා රොබින්සන් මහත්මිය රුපියල් 10,000ක්, හොනස් බ්‍රදර්ස් සහ ලලන්ද මහතා රුපියල් 5,000ක්, කනතේ ගෙදර එලිසා මහත්මිය රුපියල් 10,000ක්, බී.එම්. රත්නායක මහතා රුපියල් 10,000ක්, ටී.එල්. ප්‍රේමරත්න මහතා රුපියල් 5,000ක්, කේ.සී.එස්.කේ. ප්‍රේමලාල් මහතා රුපියල් 500ක්, කේ.ආර්. දනුජ තීක්ෂණ මහතා රුපියල් 1,500ක්, කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය රුපියල් 687,500ක් සහ මාවනැල්ල භික්ෂු බල මණ්ඩලය සහ මාවනැල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලය රුපියල් 250,000ක් අරමුදලට පරිත්‍යාග කළ අතර අදාළ පරිත්‍යාග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබීය. රුසියාවේ Kurusk වෛද්‍ය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයින්ගේ දෙමාපියෝ රුපියල් 115,000ක්, මධ්‍යම පළාත් සභාවේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය රුපියල් 44,500ක්, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය රුපියල් 111,899.82ක්, ඉංජිනේරු එල්.ඩබ්.ඩී. දනන්සූරිය මහතා රුපියල් 100,000ක් සහ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් 96,696.04 ක් අරමුදලට පරිත්‍යාග කළහ. දැන් ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,511,158,364.14 කි. දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 076 – 0700700 / 011 – 2320880 / 011 – 2354340 / 011 - 2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන. 

3 views0 comments
bottom of page