top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල රුපියල් මිලියන 1693 දක්වා ඉහළට ...



ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1693 ඉක්මවා තිබේ.

Seylan Bank PLC රුපියල් 5,000,000ක් සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් 15,136,647.99ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ. අදාළ චෙක්පත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණ. Finlays Colombo Limited රුපියල් 10,000,000ක් අරමුදලට පරිත්‍යාග කළ අතර අදාළ චෙක්පත ගිහාන් එස්. ජයසිංහ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබීය. ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ අගය දැන් රුපියල් 1,693,475,780.01 කි. දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 076 – 0700700 / 011 – 2320880 / 011 – 2354340 / 011 - 2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.



0 views0 comments
bottom of page