helloplanetaviss
ඇඹිලිපිටිය කඩදාසි කම්හලත් සම්පූර්ණයෙන්ම රජයේ ආයතනයක් වශයෙන් වැඩ ඇරඹීමට බලාපොරොත්තු වෙනවා.

වාලච්චේන කඩදාසි කම්හලේ වැඩ ඇරඹූ සේම ඇඹිලිපිටිය කඩදාසි කම්හලත් සම්පූර්ණයෙන්ම රජයේ ආයතනයක් වශයෙන් වැඩ ඇරඹීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (12) මහනුවර මගුල් මඩුවේ පැවති නව අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමේ උත්සවයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි. ඒ වගේම මිනිරන්, ඛණිජ වැලි වගේ දේවල් වල අගය එකතු කිරීමේ කර්මාන්ත මෙරට ඇරඹීමට සැලසුම් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. දේශීය කර්මාන්තකරුවන් හට මුහුණදීමට සිදුව ඇති ගැටලු විසදීම සදහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවා ඒ හරහා ඔවුන්ගේ ගැටලු විසදා දීමටත් අනිවාර්යායෙන් කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.