top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් දිවයිනට සම්ප්‍රාප්ත වෙයි...



ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනට සම්ප්‍රාප්ත විය.

රාජ්‍ය ලේකම්වරයා 2020 ඔක්තෝබර් 27 හා 28 දිනවලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලීමට නියමිත අතර සුවිශේෂී රාජ්‍ය මුණගැසීම කීපයක් මෙම දින දෙක තුළ සිදු වීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී, පොම්පියෝ මහතා ශ්‍රී ලංකා නායකයින් සමඟ සහ විදේශ අමාත්‍යවරයා සමඟ නිලවශයෙන් සාකච්ඡා පවත්වනු ඇත. දෙරට අතර නියැලී ඇති බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇත. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජනපදයේ ඉහළම මට්ටමේ සම්භාවනීය අමුත්තා රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතා වෙයි.




2 views0 comments
bottom of page