We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

ඇමති උදය ගම්මන්පිල “සීරාවීක් (CERAWeek) ” බලශක්ති සමුළුව අමතයි...



ලොව ප්‍රමුඛතම බලශක්ති සමුළුවක් වන “සීරාවීක් (CERAWeek)” විසින් සංවිධානය කල ආසියා ෆැසිපික් අමාත්‍ය කතිකාව සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි විය.


“බලශක්ති සුරක්ෂිතතාව” යන තේමාව යටතේ සූම් විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති මෙම සමුළුව සඳහා ඕස්ට්‍රේලියාවේ බලශක්ති හා කාබන් විමෝචන අවම කිරීමේ අමාත්‍ය ඇන්ගස් ටේලර්, ඉන්දීය ඛනිජ සම්පත් හා ස්වාභාවික වායු හා වානේ අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්, ඉන්දුනීසියාවේ බලශක්ති හා ඛනිජ සම්පත් අමාත්‍ය අරිෆින් තස්රිෆ් යන මහත්ම මහත්මීන් මෙන්ම බලශක්ති ක්ෂෙත්‍රයේ මෙහෙයුම්කරුවන්, තාක්ෂණවේදීන්, මුල්‍ය සැපයුම් කරුවන් සහ ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි විය.