top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඇනජලෝ මැතිව්ස් විස්සයි - 20 නායකත්වයට.....



බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩ බලන නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පත් කෙරේ.

තම ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගත වීම හේතුවෙන් ඇමරිකාව හරහා කොදෙව් දූපත් බලා යෑමට වීසා අවසරය නොලැබීම මත ශ්‍රී ලංකා විස්සයි-20 නිත්‍ය නායක දසුන් ශානකට තවමත් කණ්ඩායමට එක්වීමට නොහැකි වී තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොදෙව් පිලට පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේදී පමණක් ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස්ට පැවැරීමට ජාතික තේරීම් කමිටුව තීරණය කර ඇත. ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම සඳහා මීට පෙර වීසා අවසරය ලැබී තිබුණද එය මුද්‍රා තබා තිබූ කළින් විදේශ ගමන් බලපත්‍රය දසුන් ශානක අතින් අස්ථානගතවීම නිසා මෙම අවාසනාවන්ත ගැටළුවට මුහුණ දීමට ඔහුට සිදුව තිබේ. මේ වන විටත් නැවත වීසා අවසරය ලබා ගැනීම සඳහා සියලු කටයුතු යොදා තිබෙන අතර එම ගැටළුව විසඳුණු වහාම ශානක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් කොදෙව් දූපත් වෙත ගොස් තිබේ. එම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු මස 03 වැනිදා පළමු විස්සයි-20 තරගයට කූලිජ්හිදී සහභාගිවනු ඇත.

3 views0 comments
bottom of page