helloplanetaviss
ඇතැම් පිරිස් ද්වේශ සහගතව රටට එරෙහිව ජිනීවා වලට කේලාම් කියනවා....

ඇතැම් පිරිස් ද්වේශ සහගතව රටට එරෙහිව ජිනීවා වලට කේලාම් කියනවා යැයි විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉකුත් සති අන්තයේ මහනුවරට ගොස් ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගෙන මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන් ද බැහැ දැකීමෙන් අනතුරුව අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය. විදේශ අමාත්‍යවරයා ලෙස, ජාත්‍යන්තරය ඉදිරියේ රටේ ස්වෛරීභාවය ස්වාධීනත්වය වෙනුවෙන් ක්‍රියා කරන ආකාරය නාහිමිවරුන් ගේ පැසසුමට ලක් වු අතර මෙවර ජිනීවා සමුළුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාවලට නිසි පිළිතුරු ලබා දිම සම්බන්ධයෙන් ද අනුශාසනා කළහ. ජිනීවා සමුළුවේ 46 වන සැසියට ඉදිරිපත් වී ඇති ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා සියල්ලම ජනාධිපති ,අගමැති ඇතුළු තම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන බව දැනටමත් ජිනීවා සමුළුවට දන්වා ඇති බවද, ද්වේෂ සහගතව මෙරට ඇතැම් පිරිස් තමන් ගේ රටට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට ව්‍යාජ තොරතුරු පදනම් කර ගෙන කේලාම් කියන බවද අමාත්‍යවරයා මහ නාහිමිවරුන් ඉදිරියේ සඳහන් කළේ ය. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා ද සහභාගී විය.