top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ පී.සී.ආර්.පරීක්ෂණ අද උදෑසන ආරම්භ කර තිබේ.




දිවුලපිටියේ කොවිඩ් නයින්ටීන් ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ පී.සී.ආර්.පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාගැනීම අද (05) උදෑසන ආරම්භ කර තිබේ.

එම කර්මාන්තශාලා පරිශ්‍රයේ දී එම සාම්පල ලබා ගන්නා බව “අද දෙරණ“ වාර්තාකරු පැවසීය.


ඒ අනුව, කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම සේවකයින්ගේ පරීක්ෂණ කටයුතු අද දිනය තුළ සිදුකරන බව දෙවන පෙළ මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත රත්නායක මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,


“අද දිනයේ දී මෙම කර්මාන්ත ශාලාවේ 1400කට අධික සේවකයින්ගේ පීසීආර් පරීක්ෂණ කරනු ලබනවා.  කණ්ඩායම් වශයෙන් කාලසටහනකට අනුව ඔවුන්ගේ නිවෙස්වලට ගොස් නිරෝධායනය වෙමින් සිටින අය මෙම ස්ථානයට ගෙනැවිත් කොටස් වශයෙන් පීසීආර් පරීක්ෂණ සිදුකරනු ලබනවා. එම පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව අපි ඔවුන්ව ආරක්ෂිතව නිවෙස් නිරෝධායනය සඳහා නිවසටම ඇරලවනවා. අද දිනය ඇතුළත මෙම ඇඟලුම් හලේ සේවකයින් ඇතුළු දෙනා පීසීආර් පරීක්ෂණයකට භාජනය කරනු ලබනවා“ යනුවෙන් පැවසීය.

1 view0 comments
bottom of page