top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ මාර්ගෝපදේශ අනූව කටයුතු කළ යුතුයි....



වසංගත තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකයට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බැවින් සේවාවන් සහ නිෂ්පාදන ආයතන යම් මට්ටමකින් පවත්වාගෙන යා යුතු අතර ඒහිදී කොවිඩ් පාලන පියවර මෙන්ම ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ මාර්ගෝපදේශ අනූව සෑම ආයතනයක්ම කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ ඒ්කකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ, (11)දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී කොවිඩ් රෝග තත්ත්වය පිළිබදව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. පවතින තත්ත්වය හමුවේ ආයතන පවත්වාගෙන යාම පිළිබදව මින් පෙරද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මාර්ගෝපදේශ නිකුත් කළ අතර ඒ්වා යම් යම් වෙනස් වීම් වලට ලක්කරමින් සහ නව ක්‍රමවේද ඇතුලත් කරමින් ඔ්නෑම කෙනෙකුට භාගත කළ හැකි වන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියෙහි ඇතුළත් කර ඇති බවද, නිෂ්පාදන සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතුවූවන් මෙම මාර්ගෝපදේශ භාගත කරමින් ඒ් අනූව කටයුතු පවත්වාගෙන යන ලෙසද විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා ඉල්ලා සිටියේය. කර්මාන්තශාලා ආදියෙහි රෝගීන් වාර්තාවීමේ හොද ප්‍රවණතාවයක් මේ වන විට ඇති බව පැවසිය නොහැකි යැයිද, ඒන්නත් ලබාගත් පුද්ගලයින් මෙන්ම මින් පෙර කොවිඩ් වැළදුණු පුද්ගලයින්ද යළි රෝගය වැළදිය හැකි සහ තවත් කෙනෙකුට රෝගය පැතිරවිය හැකි අය ලෙස සලකමින් දැඩි ලෙස සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ආයතන පවත්වාගැනීමේ වැදගත්කමද වෛද්‍යවරයා සිහිපත් කළේය. සෑම ආයතනයකටම කේන්ද්‍රගත පුද්ගලයෙකු පත්කළ යුතු බවද, දැනටමත් රාජ්‍ය සේවයේ ඇතැම් ආයතන වල කේන්ද්‍රගත පුද්ගලයන් පත්කර ඇති බවද, ඔවුන් විසින් ආයතනයෙහි සේවය කරන්නන්ගේ නම, ගම, ලිපින, සේවයට පැමිණෙන ආකාරය, ඔවුන්ට ඇති වෙනත් රෝග ආදී විස්තර ළග තබාගන්නා අතර අවශ්‍ය විටෙක ඒ්වා සෞඛ්‍ය කාර්යමණ්ඩල හා සම්බන්ධ වෙමින් ඔවුන්ට ලබාදීමට සිදුවන බවද අවධාරණය කළේය.

1 view0 comments
bottom of page