top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ආයතනවල සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ප්‍රධානීන්ගේ වගකීමක් – ජනපතිගෙන් ආයතනවලට උපදෙස් .....



කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනයක් සිදුව ඇති වත්මන් වාතාවරණය හමුවේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සෞඛ්‍ය  මාර්ගෝපදේශ පිළිපැදීම සහතික කිරීම ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

කොවිඩ් 19 වසංගතය සතුටුදායක ලෙස පාලනය කිරීමට හැකිවන තෙක් කණ්ඩායම් ආශ්‍රිතව වෛරසය පැතිරයාමේ ඉහළ අවදානමක් පවතී. කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඊට  නිදසුනකි. එබැවින් කණ්ඩායම් ආශ්‍රිතව පහසුවෙන් කළ හැකි පරීක්ෂණ අඛණ්ඩව කළයුතුව ඇතැයි ජනාධිපතිතුමා අවධාරණය කරයි. කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය සමග  (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පෙන්වා දුන්නේය. රට සාමාන්‍ය තත්ත්වයට පැමිණිය ද අවදානම පහව ගොස් නැති බැවින් ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අත් නොහළ යුතුය. පුනරුත්ථාපන සහ සිර කඳවුරු, විශ්වවිද්‍යාල, පාසල් වැනි ආයතන උණ  පරීක්ෂාව වැනි සරල පරීක්ෂණ දෛනිකව කරගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මුව ආවරණ පැළඳීම, අත්සේදීම සහ දුරස්ථභාවය පවත්වාගැනීම හැම විටම කළ යුතුය.උණ, උගුර ආශ්‍රීත ආසාදන ඇතුළු රෝගී තත්ත්වයක් හටගෙන ඇතිනම් ඒ බව තේරුම් ගෙන සමාජ  ඇසුරට නොයාමෙන්ද වසංගත මර්දනයට දායක විය හැකි බව ජනාධිපතිතුමා පැවසීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන  මහත්ම මහත්මීහූ සහ කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

4 views0 comments
bottom of page