top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ආපදාවට පත් ජනතාව වෙත ලබාදීම සඳහා දකුණු කොරියානු ආයතනයකින් රුපියල් ලක්ෂ 52 ක වියළි ආහාර....



රටේ පවතින කොරෝනා වසංගත තත්වයෙන් පීඩා විඳින අසරණ ජනතාව වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා දකුණු කොරියාවේ සනීපන් ව්‍යාපාරය එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.

මෙහි මූලික අදියර වශයෙන් රුපියල් ලක්ෂ 52 ක් පමණ වටිනා වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් (18) දින නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා වෙත සනීපන් ව්‍යාපාරයේ අධිපති කිම් බියොන්ග් ජුන් මහතා විසින් භාර දෙන ලදී. එම වියළි ආහාර ද්‍රව්‍ය ජනතාව වෙත භාර දීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරිය භාර ගත් අතර නුදුරු දිනයක දී ජනතාව වෙත එය කඩිනමින් භාර දීමට නියමිතව ඇත. දකුණු කොරිවේ ව්‍යාපාරික සමාගමක් වන සනීපන් ව්‍යාපාරයේ සාමාජිකයින් 2000 ක අධික පිරිසකගේ එකතුවෙන් ලැබුණු රුපියල් ලක්ෂ 400 ක මුදලින් විවිධ ආයතනවලට මුදල් ආධාර ලබා දී එය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවත් රුපියල් ලක්ෂ 52 ක මෙලෙස වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට භාරදුන් බවත් සනීපන් ව්‍යාපාරයේ අධිපති කිම් බියොන්ග් ජුන් මහතා සඳහන් කරන ලදී. මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර සහ දකුණු කොරියානු ජාතික සහ සනීපන් ව්‍යාපාරයේ අධිපති කිම් බියොන්ග් ජුන් යන මහත්වරු සහ එම ආයතනයේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

0 views0 comments
bottom of page