helloplanetaviss
ආණ්ඩුවට එරෙහි කිසිම විවේචනයක් පාලනය කිරීමට කටයුතු කරන්නේ නෑ- සභානායක.....

ආණ්ඩුවට එරෙහි කිසිම විවේචනයක් පාලනය කිරීමට කටයුතු කරන්නේ නැති බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය වූ ඊයේ දිනයේදී පාර්ලිමේන්තු සජීවි විකාශය ඇණ හිටීම සම්බන්ධයෙන් තමා විමසීමක් සිදු කළ බවත් ඉතා ඉක්මනින් එය යථා තත්වයට පත් කළ හැකියි පැවසුවද එය මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ ප්‍රමාද වී බවද සභානායකවරා සඳහන් කළේය. මෙවැනි සිද්ධි ඉදිරියේදීත් ඇති නොවීමට පක්ෂ ,විපක්ෂ සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද සභානායකවරයා පැවසිය. ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් නැවත එවැනි කටයුතු සිදු නොවීමට වගබලා ගන්නා බවත් පැවසූ නියෝජ්‍ය කතානායකවරයා, ඒ පිළිබඳ වහාම වාර්තාවක් කැඳවා ඒ පිළිබඳව සභාවේ මන්ත්‍රීවරු දැනුවත් කරන බවද නියෝජ්‍ය කතානායකවරයා අවධාරණය කළේය.