top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වේ.....



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 08 වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක හා එහි සභාපති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) කථානායක නිළ නිවසේ දී රැස්වේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් ඊට එක්වීමට නියමිතය. මෙහිදී මානව හිමිකම් කොමිසම හා රාජ්‍ය සේවා කොමිසම යන කොමිසම් වල පවතින පුරප්පාඩු හා හානි පූර්ණය පිළිබඳ කාර්යාලයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම් සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. ඊට අමතරව මුදල් කොමිසම, සීමා නිර්ණන කොමිසම, විගණන සේවා කොමිසම හා ජාතික ප්‍රසම්පාදන කොමිසම විසින් ඉදිරිපත් කර ඇති කාර්තු ප්‍රගති වාර්තා ඇගයීමට ලක් කෙරෙන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


1 view0 comments
bottom of page