top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අවුරුදු සමයේ බීමත් රියදුරන් සොයා විශේෂ මෙහෙයුම්....



සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ බීමත් රියදුරන් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.


සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ රථ වාහන අනතුරු වැළැක්වීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවිය(news.lk) කළ විමසුමකදී පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ අප්‍රේල් 10 වැනිදා සහ අප්‍රේල් 20 වැනිදා යන කාලය අතරතුර දිවයිනේ තැනින් තැන මෙහෙයුම් ක්‍රියාත්මක බවත්, විශේෂයෙන් රාත්‍රී කාලයේදී සහ අලුයම් කාලයේදී වැඩිවශයෙන් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක බවත්ය. බීමත් රියදුරන්ට අමතරව මාර්ග නීති කඩකරන්නන් මෙම මෙහෙයුම් මගින් නීතිය ඉදිරියට පැමිණවීමට කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

1 view0 comments
bottom of page