අවසන් වරට වාර්තා වු ආසාදිතයින්ගෙන් 12 ‍දෙනෙක් නාවික හමුදා නිලධාරීන්.



අවසන් වරට වාර්තා වු මෙරට කොරෝනා ආසාදිතයින් 15 දෙනාගෙන් ආසාදිතයින් 12 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් වන බව සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් ‍විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව තවත් පුද්ගලයින් තිදෙනෙකු ඔවුන්ගේ සමීපතමයින් ලෙස හඳුනා ගෙන තිබේ.

කෙසේ වෙතත් අද උදෑසන වන විට මෙම ආසාදිතයින් සියලු දෙනා සමඟ සමස්ත ආසාදිතයින් ගණන 705 ක් දක්වා ඉහළ ගියේය.

මේ වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 172 ක් වෙයි.

තවත් ආසාදිතයින් 523 දෙනෙකු තවදුරටත් අයි.ඩී.එඩ් ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

දැඩි අවදානම් කාලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් මේ වන විට වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනා ගෙන තිබේ.

කෙසේ වෙතත් මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017