We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

අයහපත් කාලගුණය ඉදිරියටත්- විමසිලිමත් වන්න- ජලාශ රැසක වාන් දොරටු විවෘත කරයි....



උතුර, නෑඟෙනහිර, මධ්‍යම සහ බටහිර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

මිලිමීටර 150 (mm) ඉක්ක්ම වූ තද වැසි අපේක්ෂා කෙරේ. පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ වෙසෙන ජනතාව නාය යෑමේ ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දෙයි. ඉදිරි දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙන ප්‍රදීප් කොඩිප්පිලි මහතා,පුත්තලේ සිට කන්කසන්තුරය,ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශයේ පවතින තද සුළං තත්ත්වය හේතුවෙන් ධීවර හා නාවික කටයුතු නිරතවීමේ දී විමසිලිමත් වන ලෙස ද ඉල්ලීමක් කෙරේ. එමෙන් ම ජලාශ රැසක් වාන් දොරටු විවෘත කොට තිබෙන බවත් තබ්බෝව, පරක්‍රම සමුද්‍රය, උල්හිටිය ජලාශය ආදා ජලාශවල වාන් දොරටු විවෘත කර තිබීම නිසා පාහළ ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසත් ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඉල්ලා සිටියි. ආපදා පිළිබඳව දැනුම් දීමට පැය 24 පුරා 117 දුරකතන අංකය විවෘතව පවතී

0 views0 comments

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram