helloplanetaviss
අමාත්‍ය සරත් වීරසේකර මහතා කොලොන්නාව ප්‍රදේශ නිරීක්ෂණ චාරිකාවක නිරත විය...

පසුගියදා ඇති වූ වැසි තත්වය හමුවේ කොලොන්නාව බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක් ගංවතුර තර්ජනයට ලක්විය. කොලොන්නාව ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා එම අවස්ථාවේදී අදාළ ප්‍රදේශ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. පීඩාවට පත් ජනතාවට සහන ආධාර ලබාදුන් අතර මේ සඳහා අවශ්‍ය දිගුකාලීන විසදුම් කෙරෙහි ඔහුගේ අවධානය යොමු කෙරිණ. ජලය නිසි පරිදි ගලා යාමට අවශ්‍ය ඇළවේලි කානු ආදිය සහ අක්‍රමවත් ඉදිකිරීම් මේ සඳහා හේතු බව වටහා ගන්නා ලදී. මෙහි පළමු පියවර ලෙස එම ජලය බැස යන ඇළ වේලි ප්‍රතිසංස්කරණය කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරිණි. අදාල කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.