We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

අමාත්‍යාංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 ක් - ඇමැති දිවුරුම් දීම අදයි....



නව රජයේ අමාත්‍යාංශ 28ක්  සහ රාජ්‍ය අමාත්‍යාංශ 40ක්  සඳහා වූ අමාත්‍යවරු දිවුරුම් දීම අද (12) ඓතිහාසික මහනුවර දළදා මාළිගාව පරිශ්‍රයේ පිහිටි මගුල් මඬුවේ දී සිදු කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවෙයි. මෙම අමාත්‍යාංශවලට ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද අයත්ය. අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය (10)දින සවස ප්‍රකාශයට පත් කරනු ලැබීය. අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගෙන තිබේ. එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්ය භාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇත. අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාති