top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අමාත්‍ය විමල් වීරවංශ බීසීසී රාජ්‍ය සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක....



බීසීසී රාජ්‍ය සමාගම ලබා ඇති කීර්ති නාමය තවත් ශතවර්ෂ ගණනාවක් රඳවා ගත හැකි සංවර්ධන සැලැස්මක් සකසා අවසන් බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙ අදහස් දැක් වුයේ, කොළඹ 12, මීරානියා මාවතේ පිහිටි බීසීසී සමාගම් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය. වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා සදහන් කළේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩපිළිවෙළ යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය වෙත පවරා ඇති, සුපිරිසිදු පොල්තෙල් හා සබන් ආදිය නිෂ්පාදනය තුළින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යුගයේ සිට ශත වර්ෂ දෙකක පමණ කාලයක් ඉමහත් කීර්ති නාමයක් දිනාගෙන ඇති බීසීසී සමාගමට එම කීර්ති නාමය තවත් ශතවර්ෂ ගණනාවක් රඳවා ගත හැකි උපායමාර්ගික සංවර්ධන සැලැස්මක් සකසා ඇති බවත් වැවිලි කර්මාන්ත, මහවැලි ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් හා එක්ව නුදුරේදීම ඊට අදාළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බවය. “බී.සී.සී ආයතනයබ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ මෙරට ආරම්භ කරන ලද්දක්. එයට සියවස් දෙකක පමණ ඉතිහාසක් තිබෙන බවත් යම් යම් කාලවල දී එහි නිෂ්පාදන රට තුළ ප්‍රචලිතව තිබූ බවත් දැකගත හැකියි. දේශීය කර්මාන්තවලට නව පණක් දීමේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහන යටතේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම ආයතනය කර්මාන්ත අමාත්‍යාංශ විෂය පථයට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව දැන් මෙම ආයතනය අප අමාත්‍යාංශය යටතේ නියාමනය වන්නක්. ගෙවී ගිය කෙටි කාලය තුළ අපට හැකි වුණා එය වඩාත් වර්ධනීය තලයකට ගෙන ඒමට. 2017, 2018, 2019 වර්ෂවලට වඩා 2020 පළමු කාර්තුව තුළ ලාභය රුපියල් මිලියන 12 සිට 30 දක්වා වැඩි වී තිබෙනවා. මෙහි මූලිකවම නිෂ්පාදනය වන පොල්තෙල් නිෂ්පාදනය සැලකුවහොත් නිෂ්පාදන ධාරිතාව පෙර වසරවලට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 15 සිට 44 දක්වා ඉහළ දැමීමට හැකි වුණා. ඒ අනුව ආයතනයේ නිෂ්පාදන ප්‍රගතිය ඉහළ ගොස් තිබෙනවා. ආදායම, ලාභය ඉහළ ගොස් වියදම ද 25%කින් අඩු වී තිබෙනවා මෙහි දී නව සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයටත් සාමාන්‍යාධිකාරී ඇතුළු සීමිත සේවක පිරිසටත් අපගේ ස්තූතිය පුද කළ යුතුයි. කොරෝනා වසංගතය ව්‍යාප්තව ගිය මාසවල දී පවා මෙම සේවක පිරිස ආයතනයට ලැබී තිබූ ඇණවුම් සම්පූර්ණ කර දීමට කටයුතු කර තිබුණු බවත් මෙහි දී කෘතවේදීව සිහිපත් කළ යුතුයි. මේ ආයතනය ඉතිහාසයේ දී ලබා තිබූ කීර්ති නාමය වඩාත් ඉහළ නංවමින් අනාගතයේ දී කටයුතු කිරීම සඳහා සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නව උපායමාර්ගික සංවර්ධන සැලැස්මක් සකස් කර තිබුණා. එය ද මෙහි දී මා වෙත ඉදිරිපත් කරනු ලැබුවා. බීසීසී පොල්තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වන පොල් පහසුවෙන් ලබා ගෙන එමගින් නිෂ්පාදන කටයුතු වේගවත් කිරීමට ඒකාබද්ධ වැඩසටහනක් යෝජනා වී තිබෙනවා. ඒ යටතේ හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම හා මහවැලි බී කලාපයේ පිහිටා ඇති පොල් වගා බිම්වලින් පොල් ලබා ගැනීමට අපේක්ෂිතයි. ඒ අනුව පොල්තෙල් නිෂ්පාදනාගාරය ද හලාවත ඉහත මහා පරිමාණ පොල්වතු ආශ්‍රිතව අලුතෙන් ඉදිකිරීමට යෝජිතයි. ඉහත කී පොල් වගා බිම් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින නිසා මෙම උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දී ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා අදාළ විෂය භාර අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එසේම එම උපායමාර්ගික සංවර්ධන සැලැස්මට, අද අපගේ නිරීක්ෂණයට ලක් වූ මෙම පැරණි ගොඩනැගිලි සහිත වත්මන් පොල්තෙල් නිෂ්පාදනාගාරය සහිත අක්කර 06 පමණ ඉඩම සංවර්ධනය කොට, නවීන පහසුකම්වලින් සහිත මහල් හතක වාණිජමය මධ්‍යස්ථානයක් ඉදිකිරීම ද ඇතුළත්. ඒ සඳහා මෙම ඉඩමෙන් කොටසක් අධිකරණ සංකීර්ණයක් සඳහා පවරා ගැනීම නිසා ලැබෙන වන්දි මුදල ද ඉහත කී නව පොල්තෙල් නිෂ්පාදනාගාරය ඉදිකිරීමත් සමඟ ලැබෙන ලාභාංශය ද යොදා ගැනීමට නියමිතයි. මෙම උපායමාර්ගික සැලැස්ම වසර සිය ගණනක බීසීසී කීර්ති නාමය අනාගතයේ දී තවත් වසර සිය ගණනක් රඳා පවත්වා ගැනීමට ඉවහල් වන බව මට විශ්වාසයි.” මෙම නිරීක්ෂණ චාරිකාවට බීසීසී ආයතනයේ සභාපති චමින්ද වෙලේගම, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ වන අජිත් ජයවර්ධන, මනුජ කරුණාරත්න, සුපුන් කාරියවසම් යන මහත්වරු ද එක්ව සිටියහ.

13 views0 comments
bottom of page