අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද යෝජනා...

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු දේශීය බැංකු වෙතින් සලසා ගැනීම පිණිස එම ආයතනවල අදාළ බලධාරින්ට බලය පැවරීමටත්, ඒ සඳහා අවශ්‍ය භාණ්ඩාගාර ඇපකර නිකුත් කිරීමටත් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
The proposal presented by the Minister of Finance, Economy and Policy Planning to authorize the relevant authorities of the respective Institutions to obtain funds from the local banks including Bank of Ceylon, People’s Bank and National Savings Bank and to issues the Treasury Guarantees for the purpose in order to finance the projects implemented by the Road Development Authority and the National Water Supply and Drainage Board was approved by the Cabinet of Ministers.