අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි....

අවසන් ගෞරව දැක්වීමට ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට කටයුතු කළේ ය.
එහිදී දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක් විය.
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පෙ.ව 10.45 සිට 11.30 දක්වා අවකාශ සළසා තිබුණි.
මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන් ම අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන් එක්ව සිටියේ ය
හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා (27) හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වීය .අභාවප්‍රාප්ත වනවිට අමාත්‍යවරයා 55 වැනි වියේ පසූ වී ඇත.
6 views0 comments