We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

අභියෝග ජය ගන්නට කැප වෙමු....



ශ්‍රී ලංකාවට නිදහස ලබා ගෙන 73 වසරක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටත් ලොවවටා සියලු ශ්‍රී ලාංකිකයන්ටත් සුබ පැතීමට ලැබීම ගැන සතුටු වෙමි.

බටහිර විදේශ ආක්‍රමණ විසින් මෙරට වසර හාරසීය පනහක් පමණ යටත් විජිතයක් බවට පත් කොට ශ්‍රී ලාංකිකයන් සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන් පීඩාවට පත් කිරීමට එරෙහිව ලෝකයේ ශ්‍රේෂ්ඨ හා පෞඪ ජාතියක් ලෙස ජාතික විමුක්ති අරගල රැසක් මෙහෙයවමින් නිදහස, ස්වාධීනත්වය හා ස්වෛරීත්වය උදෙසා අපේ අතීත ජාතික විරුවන් හා රණවිරුවන් කටයුතු කර ඇති ආකාරය අභිමානයෙන් සමරමු. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතීන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස් කර ගැනීමේ දී සියලු භේද වලින් තොරව ශ්‍රී ලාංකිකයින් ලෙස එකමුතුව කටයුතු කර අපේ මාතෘ භූමිය නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඔවුන් තුළ තිබූ කැපවීම හා අධිෂ්ඨානය අප සිහිපත් කරන්නේ ගෞරවයෙනි. එසේ 1948 පෙබරවාරි 04 වන දා ලබා ගත් නිදහසේ හැත්තෑතුන් වන සංවත්සරය අද දින සමරනු ලබන්නේ මහත් වූ අභිමානයෙනි. 1948 පෙබරවාරි 04 වන දා අප දිනා ගත් නිදහස 1972 මැයි 22 දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට ප්‍රකාශ කිරීමෙන් බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන්ම ගැළවීමට අපට හැකි විය. ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යතාර්ථයක් බවට පත්කර ගෙන නිදහස්, ස්වාධීන, ස්වෛරී, සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අප සියලු දෙනා අද දිනයේ ද සපථ කරන්නේ හැත්තෑතුන් වසරක විවිධ අභියෝග ජයගනිමින් බව ද සිහිතබා ගනිමු. මෙරටේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාවයට එරෙහිව ජාතික හා ජාත්‍යන්තරව ගොඩ නැඟුණු අභ