helloplanetaviss
අභිනවයෙන් ඉඳිකරන ලද ''ගැලන්ට්'' කිරි නිෂ්පාදනාගාරය විවෘත කෙරේ...

ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර මහතාගේ දූරදර්ශී සංකල්පයකට අනුව එම රෙජිමේන්තුවේ ඉදිරි සුභසාධනය වෙනුවෙන් අභිනවයෙන් ස්ථාපිත කරන ලද ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ''ගැලන්ට්'' යෝගට් සහ කිරි නිෂ්පාදනාගාරය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් (19) දින විවෘත විය.
මේ අනුව පසුගිය දශක කිහිපයක සිට පාබල හමුදා රෙජිමේන්තුව තුල දියත් කරන ලද සංවර්ධන හා විවිධ සුභසාධන ව්‍යාපෘතීන් අතුරින් වෙනස්ම මුහුණුවරකින් යුතුව හඳුන්වා දෙන ලද මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රි ලංකා පාබල හමුදාවේ සියළුම නිලධාරීන් ඇතුළු සෙසුනිලයන්ගේ පරිභෝජනය වෙනුවෙන් සෙට් යෝගට්, යෝගට් පාන වර්ග සහ අනෙකුත් කිරි ආශ්‍රිත නිෂ්පාදනයන් නිපදවීම සිදුකරනු ලබයි. එමෙන්ම පාබල රෙජිමේන්තුවේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාවට නංවන ලද මෙම ව්‍යාපෘතියට අවශ්‍ය මුල්‍යමය දායකත්වය යුද්ධ සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය වන අනූජා ජයවීර මහත්මිය ප්‍රමුඛ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල හමුදා සේවා වනිතා ශාඛාව සහ එම රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් දරා තිබිණි. ශ්‍රී ලංකා පාබල හමුදාවේ සියළුම නිලධාරීන් සහ සෙසුනිලයන් වෙත ඉතා සහනදායි මිළකට උසස් තත්ත්වයෙන් යුතු මෙන්ම සෞඛ්‍යාරක්‍ෂිත අයුරින් නිපදවන ලද ප්‍රණීත යෝගට් ඇතුළු යෝගට් පාන වර්ග සැපයීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් සිදුකරන ලද මෙම ව්‍යාපෘතිය යථාර්තයක් බවට පත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්කු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර දිසානායක මහතාගේ අධික්‍ෂණය මත එහි නිරීක්‍ෂණ කටයුතු මෙහෙයවීම ලුතිනන් කර්නල් එල්එච්සිආර් සිරිවර්ධන මහතා විසින් සිදුකර තිබිණි.