අපේක්ෂක ලැයිස්තුවෙන් සියයට 25 ක් තරුණයින් සඳහා.....




ඉදිරි මැතිවරණවලදී සමගි ජන බලවේගයේ අපේක්ෂක ලැයිස්තුවෙන් සියයට 25 ක් තරුණයින් සඳහා වෙන් කරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (15) පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඉදිරි මැතිවරණ ජයගැනීමත් සමඟ පසුගිය ජනාධිපතිවරනයේදී තම පක්ෂය විසින් හඳුන්වා දුන් තරුණ ප්‍රඥප්තිය නීතියක් බවට පත් කරන බව ඒ මහතා පැවසීය.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මේ බව පැවසීය.

“25% කාන්තා නියෝජනයක් ලබාදෙමින්. අපි 25% අපේක්ෂක අවස්ථාවක් තරුණයින්ට දෙන්නට අනිවාර්යෙන්ම කටයුතු කරනවා වාගේම ජනතාව බලය ලබාදුන්නම එය නීතියක් බවට පත් කරනවා “

සමගි ජන බලවේගයේ තරුණ ව්‍යාපාරය වන 'සමගි තරුණ බලවේගය' එළි දැක්වීම අද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණි.

ඒ කෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ පැවති උත්සවයකදිය.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017