top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අපේක්ෂකයන්ට සෞඛ්‍ය ආරාක්ෂිත ක්‍රම කියා දෙයි...



පාර්ලිමේන්තු මැතිවරණයේ තරඟවදින අපේක්ෂිතයින් සඳහා සෞඛ්‍ය ආරක්ෂික ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (23) දිනයේ දී වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැත් වුණි.

එය වන්නි දිස්ත්‍රික් තේරිම් භාර නිළධාරී එස්.එම්. සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණී. කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය මැඩලීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව ඉදිරි මැතිවරණ කටයුතු දියත් කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මැතිවරණයේ සියළුම අපේක්ෂකයින් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණු විණි. මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙන්ම ඡන්ද ප්‍රකාශ කිරීමේ දී පිළිපැදිය යුතු කරුණු පිළිබඳව සියළුම අපේක්ෂකයින් දැනුවත් කෙරුණු අතර මැතිවරණ කොමිසන් සභාව මෙය සංවිධානය කොට තිබිණි. එමෙන්ම අපේක්ෂකයිගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කළ අතර මැතිවරණය අවසන් වන තෙක් සියළු දෙනා එකමුතුව කටයුතු කිරීමේ වැදගත්කම වන්නි දිස්ත්‍රික් තේරිම්භාර නිළධාරී එස්.එම්. සමන් බන්දුලසේන මහතා පෙන්වා දෙන ලදී.

2 views0 comments
bottom of page