top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අපි කම්කරු අයිතීන් ආරක්ෂා කරනවා-.....




වතු සමාගම් යම් ආකාරයකින් කම්කරුවන්ට හිමි වරප්‍රසාද කප්පාදු කරනවානම් ඊට වත්මන් රජය ඉඩ නොදෙන බවත්, ඊට අවශ්‍ය අමතර නීති රීතී ගෙන්වා බලාත්මක කර කම්කරුවන්ට හිමි අයිතිවාසිකම් ආරක්ෂා කර දීමට තම රජය කටයුතු කරන බවත් නිමල් සිරිපාලද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේ දී (09) ප්‍රකාශ කළේය.

සාමූහික ගිවිසුමකට යාමට හැකි තරම් උත්සහ කළ ද නොහැකි වූ බැවින් අවසානයේ ඉතිරි එකම විකල්පය වූ පඩිපාලක සභාවට කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000 ලෙස වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කර වැඩි ඡන්දයෙන් ඊයේ (08) දිනයේ දී අනුමත කර ගැනීමට හැකි වූ බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය; “කම්කරුවන්ගේ වැටුප වැඩි කරන්න පසුගිය ආණ්ඩුවට අවුරුදු 05 තිස්සේ නොහැකි වුණු වැටුප ලබා දීමට හැකි උණා.

නමුත්, අපට අද පුළුවන් උණා කම්කරුවන්ගේ වැටුප වැඩි කරන්න. අපි තමයි කම්කරුවන් වෙනුවෙන් ජාතික යුතුකම හා වගකීම ඉටු කළේ. වත්මන් රජය හාම්පුතුන්ට අවශ්‍ය විදියට නටන්න දෙන්නේ නැහැ. අපි කම්කරු අයිතීන්ආරක්ෂා කරනවා ඒ පිළිබඳ එවැනි තත්ත්වයක් පැමිණියහොත් ඒ පිළිබඳවත් මෙම රජය සුදානම්” යනුවෙනි. එමෙන්ම, කම්කරුවන්ගේ ජිවන වියදම් දීමනාව අනිවාර්යෙන් කම්කරුවන්ගේ අතටම ලබා දිය යුතු බවත්, ඇතැම් කම්කරුවන් රුපියල් 30,000 ට වැඩිය මාසික වැටුපක් ලබා ගන්න පුද්ගලයින් සිටින නමුත් ඇතැමුන් එලෙස වැටුප් නොගෙවන බවත් සඳන් කළ අමාත්‍යවරයා කම්කරුවන් වෙනුවෙන් නීති රාශියක් හදමින් පවතින බවත්, කම්කරුවන්ට අවශ්‍ය ආරක්‍ෂාව සලසා දීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. වැටුප් පමණක් නොව කම්කරුවන්ගේ සුභසාධනය සඳහා අවශ්‍ය පසුබිම විවිධ අමාත්‍යංශ, විවිධ ක්‍රම මඟින් ලබා දීමට කටයුතු කරන බවත්, වතුකරයේ ජනතාව පිළිබඳව අමතක කර නොමැති බවත්, වත්මන් රජයේ ප්‍රතිපත්ති තිරණය කරන්නේ ඡන්දය අනුව නොවන බවත් ඒ මහතා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය. ඒ අනුව, යම් හෙයකින් කම්කරුවන්ගේ වැටුප ලබා දීමට හාම්පුතුන්ට නොහැකි වුවහොත් වතු රජයට පවරා ගැනීමට කටයුතු කරන බවත්, වැටුප් ගෙවීම් නිසි ආකාරයෙන් සිදු කිරීමට කටයුතු කරන බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.

0 views0 comments
bottom of page