top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අපරාධ හා දූෂණ වංචාවලින් තොරව, සැමට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට රටක් නිර්මාණය කිරීම අපේක්ෂාවයි



අපරාධ හා දූෂණ වංචා වලින් තොරව සැමට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට රටක් නිර්මාණය කිරීම අපේක්ෂාව බවත් ඇතිවී තිබෙන දුර්ධාන්ත තත්වයන් මැනවින් වටහාගෙන ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් නිසි නීතිමය කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, අභිනව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි.

අධිකරණ අමාත්‍යංශයේ (17) දින පැවති සිය රාජකාරි භාරගැනීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. එමෙන්ම අපරාධ හා දූෂණ වංචා වලින් තොරව සැමට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට රටක් නිර්මාණය කිරීම සිය අපේක්ෂාව බවත්, තමා මෙම ධුරය භාරගැනීමේ ප්‍රධාන හේතුව වන්නේ අවුරුදු 25ක් නීතිඥවරයකු වශයෙන් කටයුතු කරන විට ලැබූ අත්දැකීම් පාදක කරගෙන තමාට මෙරට නීතියේ ඇති අඩු ලුහුඬුකම් නිවැරදි කිරීමට බවත්, අධිකරණ අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව දේපොළ නඩු හා භාරකාරත්වය සම්බන්ධයෙන් වන නඩු වැනි දේත් පවතින බවත්, එවන් නඩු දිගුකලක් තිස්සේ පැවතීම නිසා සාමාන්‍ය ජනතාවට යම් අසාධාරණයක් වන බවත්, එම තත්වය වෙනස් කිරීමට කටයුතු කරන බවත්, අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙරටේ ජනතාවට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කිසිඳු වරදක් තමන් අතින් සිදු නොවන බවද අමාත්‍යවරයා සපථ කළේය.  රාජකාරි ආරම්භ කරන අවස්ථාවේ දී අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි, කඹුරුගමුවේ වජිර, මුරුත්තෙට්ටුවේ ආනන්ද ,මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ,බෙංගමුවේ නාලක නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝ රත්නය ඉස්ලාම්, හින්දු, කතෝලික පුජකතුමන්ලා ආගමික ආශිර්වාද සිදු කළ අතර අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්ම මහත්මීන් පාර්ලිමේන්තු මන්ත්‍රි කාදර් මස්තාන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් හා අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරිස් මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, නිතිඥවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

1 view0 comments
bottom of page