top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අපරාධ වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට අපරාධ හෙළිකිරීම සදහා පසුබිමක් සළසා දීමට කටයුතු කර තිබෙනවා...



අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය හරහා අපරාධ වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට අපරාධ හෙළිකිරීම සදහා පසුබිමක් සළසා දීමට කටයුතු කර ඇතැයි වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති සහ හිටපු සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් මහතා පවසයි.

කොළඹ කොටුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී අද (17) දින පැවති වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරීය මගින් සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. ඒ අනුව අපරාධ විසඳීමේදී වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ සහභාගීත්වය ප්‍රමුඛ කරගනිමින් හැකි ඉක්මනින් අපරාධ විසඳීමට මෙම නව සංශෝධිත පනත මගින් හැකියාවක් ලැබෙනු ඇති බවත්, එමෙන්ම මෙම පනත මගින් අපරාධ අවම වූ සහ සමාජ සුරක්ෂිතතාවය වැඩි වූ සමාජයක් බිහිකිරීමට කටයුතු යෙදෙනු ඇති බවත්, සුහද ගම්ලත් මහතා පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පැවසුවේ, සුළු අපරාධ ගණයට වැටෙන අපරාධ සුළුවට තැකීමෙන් සමහර පොලිස් නිලධාරීන් අපරාධයට පිටිවහලක් ලබා දෙන බවත්, සුළු අපරාධවලට පවා කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීම හරහා අපරාධ වැළැක්වීමට මෙන්ම අපරාධ වින්දිතයන් හා සාක්ෂිකරුවන් අපරාධ හෙළිකිරීම මගහැරීම වළක්වා ගැනීමට හැකියාවක් තිබෙන බවත්ය.

3 views0 comments
bottom of page