top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අපනයන කෘෂිකර්මාන්තය නගා සිටු වීමට කඩිනම් වැඩපිළිවෙලක්......



අතිගරු ජනාධිපතිතුමන්ගේ "සෞභාග්‍යයේ දැක්ම” යථාර්ථයක් කිරීමට දේශීය නිෂ්පාදන අපනයනය කිරීම තුළින් ඉහල කෘෂි ආර්ථිකයක් ගොඩනැගීමේ සාකච්ඡාවක් (23) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේ දී පැවැත්විණ.

දේශීය වශයෙන් කුරුඳු, ගම්මිරිස්, කෝපි, කොකෝවා, වැනිලා වැනි අපනයන බෝග අපනයනයේදී සැකසීමේ ක්‍රමවේදය ගුණාත්මකභාවයෙන් ඉහළ දැමීමටත්, දේශීය සන්නාම නාමයකින් විදේශ වෙළඳපොළ තුළ ප්‍රචලිත කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය. ඒ සඳහා ගොවියා ශක්තිමත් කර, දිස්ත්‍රික් සහ ග්‍රාමීය මට්ටමින් නිෂ්පාදන සැකසීමේ මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ගරු අමාත්‍යතුමා යොජනා කර ඇති අතර, ඉහළ ගුණාත්මයෙන් යුතු නිෂ්පාදන විදේශ තානාපතිවරුන් හරහා ප්‍රචලිත කිරීම සඳහා සාකච්ඡා වී ඇති බවත් අමාත්‍යතුමා ප්‍රකාශ කරන ලදී. එමඟින් දේශීය අපනයන වර්ධනය කර ගැනීමටත් එමඟින් ලැබෙන විදේශ විනිමය ඉහළ දැමීමටත් අපෙක්ෂා කෙරේ. මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම්තුමාල කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමාල අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු නිලධාරීන් සහභාගි විය.

1 view0 comments
bottom of page