helloplanetaviss
අපනයන ආදායම දෙගුණ කර රටේ විදේශ මුදල් ප්‍රමාණය වැඩි කරගැනීම අරමුණයි....

ශ්‍රී ලංකාවේ මේ වන විට රුපියල් බිලියන පන්සියයක් වන අපනයන ආදායම දෙගුණ කරගැනීමටත්, ඒ හරහා රටේ විදේශ මුදල් ප්‍රමාණය වැඩි කරගැනීමටත් අරමුණු කරගෙන ඇති බව වැවිලි කර්මාන්ත කැබිනට් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි.
(17) දින සිය ධුරයේ රාජකාරි භාරගනිමින් ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. තේ ආර්ථිකයට බලපාන විශේෂ කරුණු රාශියක් හඳුන්වා දීම මගින් තේ අපනයන ආදායම දැනට පවතින තත්වයට වඩා ඉහළ තත් වයකට ගෙනඒමටත්, වියළි කාලයේදී පවා ඔරොත්තු දිය හැකි නව තේ වර්ග හඳුන්වා දීම මගින් තේ ගොවියා මුහුණ දෙන විශාල ගැටලුවකට පිළිතුරු සැපයීමටත් බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම මේ වන විට ලෝකයේ ගම්මිරිස් ඵලදාව වැඩිවීම තුළ මෙරට ගම්මිරිස්වලට විශාල මිලක් ලබාගැනීමට ඇති නොහැකියාව නිසා අගය එකතුකිරීමේ නිෂ්පාදන ලෙස ගම්මිරිස් පිටරටට යැවීමට බලාපොරොත්තු වන බවත්, දැනට තිබෙන මිළට වඩා වැඩි මිළක් ඒ හරහා ගම්මිරිස් ගොවියාට ලබාදීමට අපේක්ෂා කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. “ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ ඵලදායීතාවය වැඩි කිරීම ප්‍රධාන ඉලක්කයයි. ඒ හා සමඟම මෙරට අපනයන වෙළඳපොළ පුළුල් කොට ආරක්ෂා කර වැඩිදියුණු කිරීම ප්‍රධානතම අරමුණයි.” යන්නද වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.