helloplanetaviss
අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගය ලබන වසරේ දී මුළුමනින්ම නවීකරණයට පියවර.....

අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගය ලබන වසරේ දී මුළුමනින්ම නවීකරණයට පියවර ගෙන ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘති සම්බන්ධව ඉකුත් දා (22) ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වව්නියාවේ සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වේගවත්ව සිදු කළ හැකි වුවත්, අනුරාධපුර සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගය දශක ගණනාවක් තිස්සේ නවීකරණය නොවීම නිසා එම මාර්ගය පවතින්නේ දුර්වල මට්ටමකය. එමනිසා අනුරාධපුර - වව්නියාව දුම්රිය මාර්ගය ලබන වසරේ දී මාස කිහිපයකට වසා දැමීමට සිදුවනු ඇතැයි එම ව්‍යාපෘතිය බාර නිලධාරිහු අමාත්‍යවරයාට දැනුම් දුන්නේය. මෙම දුම්රිය මාර්ගය නවීකරණය සඳහා මේ වනවිට රේල් පීළි ටොන් 1,66,000ක් මේ වනවිට ආනයනය කර ඇති අතර කළුගල් වැඩ පලවළ් 15ක් පවත්වාගෙන යාමට අවශ්‍ය ස්ථාන පවා හඳුනාගෙන තිබෙන බව ව්‍යාපෘතිය බාර නිලධාරිහු අමාත්‍යවරයාට දැනුම් දුන්නේය. ඒ අන්දමින්ම හම්බන්තොට සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු අරඹන්නැයි ද අමාත්‍යවරයා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.