We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

අනුරාධපුර ප්‍රදේශයේ ක්‍රීඩා සමාජ සදහා “චන්න ජයසුමන පදනම” මගින් ක්‍රීඩා භාණ්ඩ.



ක්‍රීඩා සමාජ සදහා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමේ වැඩපිළිවෙලෙහි පළමු අදියර යටතේ ක්‍රිඩා සමාජ 53 ක් සදහා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් සිදු කරන ලදි.

අප රටට ඇති වටිනාම සම්පත වනුයේ මානව සම්පතයි. එම මානව සම්පත සංවර්ධනය කළ හැක්කේ නිරෝගී සහ ඵලදායි පුද්ගලයෙක් සහ සතුටින් ජීවත්වන පවුලක් යන සංකල්පය මත පදනම් වූ දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමෙන් බව අපගේ පිළිගැනීමයි. සමෘද්ධිමත් දේශයක් ගොඩනැංවීමේ මූලික අඩිතාලම වන්නේ ද එයයි. මානව සම්පත සංවර්ධනය කිරිම අපගේ රජයේ මූලික වගකීමයි යනුවෙන් අතිගරු ජනාධිපතිතුමාගේ නව රජයේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සදහන් වේ. රුපියල් ලක්ෂ 12 කට ආසන්න වටිනාකමකින් යුත් වොලිබෝල්, නෙට්බෝල්, ක්‍රිකට් ආදී ක්‍රීඩා සදහා යොදා ගන්නා ක්‍රීඩා භාණ්ඩ විශාල ප්‍රමාණයක් සහ කැරම්බෝඩ් ඇතුලු මෙම ක්‍රීඩා භාණ්ඩ “චන්න ජයසුමන පදනම” මගින් ලබාදුන් අතර, ඒ සදහා මූල්‍ය දායකත්වය අනුරාධපුර කඩපනහේ ඩී.තෙන්නකෝන් මහතා විසින් දරන ලදී.

1 view0 comments

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram