top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අනුරාධපුර පලුගස්වැව - ගල්කඩවල මාර්ගය රු.මි 107ක් නවීකරණයට....



අනුරාධපුර පලුගස්වැව - ගල්කඩවල මාර්ගය රු.මි 107ක් වියදම්කොට කාපට් යොදා නවීකරණය කෙරේ. අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික වැඩසටහනට සමගාමීව සහසම්බන්ධිත නවීන මාර්ග පද්ධතියක් රට තුළ ස්ථාපනය කිරීම නව රජයේ ප්‍රධානතම අරමුණ වී ඇත. මෙම අරමුණ පෙරදැරි කරගෙන අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රධාන හා ප්‍රාදේශිය මාර්ග පද්ධතිය පුළුල් කිරීමේ හා නවීකරණය කිරීමේ පළමු අදියරේ ව්‍යාපෘතිය පසුගිය නොවැම්බර් මාසයේ දී ආරම්භ විය.

පලුගස්වැව - ගල්කඩවල මාර්ගය කාපට් යොදා නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීම, ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය වැ/බ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතින් සිදු විය. මෙම මර්ගය සඳහා රු. මි 107ක් වියදම් කොට කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිත අතර මෙමගින් පවුල් 1500 කට වඩා වැඩි ප්‍රමාණයකට පහසුකම් සැලසෙනු ඇත.

4 views0 comments
bottom of page