top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු පවුල් එකසිය පනස්තුනකට රුපියල් ලක්ෂ දෙක බැගින් සමෘද්ධි ආධාර....



අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිලිඳු පවුල් එකසිය පනස්තුනක් වෙත රු. ලක්ෂ දෙක බැගින් පිරිනැමීම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදු කෙරුණි. සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ආධාර මුදල් ලබාදුන්නේ ය. සෞභාග්‍යා විශේෂ නිවාස වැඩසටහන යටතේ මෙම ආධාර පිරිනමන බව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක අනුරාධ දිසානායක මහතා පැවසීය.


ස්ථිර නිවාස නොමැති හා අර්ධ වශයෙන් ඉදිකළ නිවාස ඇති පිරිස් වෙත නිවාස ඉදිකර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍යමය දායක්තවය ලබාදීම වැඩසටහනේ අරමුණ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. එහි දී අදහස් දැක් වූ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, නිවෙස් තනා ගැනීමට එක් අයෙකුට පූර්ණ වශයෙන් ලක්ෂ 6 බැගින් ලබාදීමට ඉදිරියේ දී අදහස් කරන බවයි.


සමෘද්ධිය මඟින් දිළිඳු ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය. ඒ යටතේ දිවයිනේ සෑම ග්‍රාම සේවා වසමකම ගෙවතු 210ක් වෙත පැල ලබා දීමටත්, සෑම ග්‍රාම සේවා වසමකම ගෙවතු 100 කට බීජ ලබාදීමටත් කටයුතු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. මීට අමතරව විසිතුරු මසුන්, පළතුරු පැළ, ඖෂධ පැළ සහ කුකුළු පැටවු ලබාදීම ද සිදු කරන බව ද සමෘද්ධි බැංකුවෙන් ලබාදෙන ණය ආධාර පුළුල් කරමින් රටේ සංවර්ධනයට දායක වන පුද්ගලයින් වෙත සහය දැක්වීමටත් අමාත්‍යංශය සූදානම් බවද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

මෙම මූල්‍යාධාර සහ දීමනාවන් නිසි අරමුණු වෙනුවෙන් ම යොදවන්නේ ද යන්න පසු විපරම් කර බැලීමට කටයුතු කිරීම ද මෙහිදී වඩාත් සුවිශේෂී වන බව ද සමෘද්ධි නිළධාරීනගේ මෙතෙක් නොවිසඳුණු වෘත්තීමය ගැටලුවලට පිළියම් ලබාදීමට ද ඉදිරියේ දී කටයුතු කරන බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් රුවන් බණ්ඩාර නවරත්න මහතා ඇතුලු රාජ්‍ය නිළධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

2 views0 comments
bottom of page