helloplanetaviss
අනුරාධපුර ඒරු වැවේ සිට මහකන්දරාව ඇළ දක්වා ප්‍රතිසංස්කරණය කරයි...

අනුරාධපුර ඒරු වැවේ සිට මහකන්දරාව ඇළ දක්වා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගියදා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හාව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මහකන්දරාව වැවෙහි වාරි ජලය හිඟ වීමත් සමග පසුගිය 2020/21 කාලයේ ගොවීන් වගා කර නොමැති අතර මෙම වැවට ජලය ලබාගත හැකි එකම මාර්ගය වන්නේ ඒරු වැවෙන් සාදා ඇති පෝෂිත ඇළ වේ. 1965 වර්ෂයේදී ඉදි කර ඇති මෙම ඇළ මාර්ගය මේ වන විට අබලන් තත්ත්වයේ පසුවන බැවින් අළුත්වැඩියා කර නැවත විවෘත කිරීමට යෝජනා වී තිබේ. මෙම පෝෂිත ඇළ මාර්ගය නිතර පස් කඳු වලින් වැසීමට ලක්වන බැවින් උතුරු මැද පළාත් මහ ඇළ මගින් යකල්ල සිට මහකන්දරාව දක්වා පූර්ණ ලෙස අලුත්වැඩියා කිරීමත්, මහකන්දරාව පෝෂිත ඇල විවෘත කිරීමත්, මහකන්දරාව වාන අඩියකින් ඉස්සීමත්, ඒරු වැව අඩි දෙකකින් ඉස්සීමත් හා මහකන්දරාව වාරි ඇළවල් වැඩිදියුණු කර ජල නාස්තිය අවම කර ගැනීමත් මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ. තවද මෙමගින් ප්‍රදේශයේ ගොවි ජනතාවට ගොවිතැන් කිරීමට වාරි ජලය සැපයෙන අතර උතුරු අනුරාධපුර ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමටත් හැකි වේ. මෙම අවස්ථාව සඳහා ගරු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි මහතා , වාරිමාර්ග රාජ්‍ය ලේකම්, වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්තුමා, අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂකතුමා ඇතුළු මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයන් ද සහභාගී විය.