top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අනුරාධපුරයට ඖෂධ නිෂ්පාදන ගම්මානයක්....



රටට අවශ්‍ය ඖෂධ මෙරට නිෂ්පාදනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් 70 දශකයේදී මතුවුණ අතර එයට පිළියමක් ලෙස දේශීය ඖෂධ නිෂ්පාදනය මෙරට ආරම්භවන්නේ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ඇරඹීමත් සමගය (SPMC). දේශීය ඖෂධ නිෂ්පාදනයේ පුරෝගාමියා ලෙස රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව කටයුතු කළද, එයින් මෙරට ඖෂධ අවශ්‍යතාව සපුරාලිය හැකි වන්නේ 20% ක් පමණ ප්‍රතිශතයකි.

එහෙයින් වාර්ෂිකව විශාල ධනස්කන්දයක් ඖෂධ වෙනුවෙන් පිටරටට ඇදීයාම මෙරටේ ආර්ථිකයට දැරිය හැකි වියදමක් නොවේ. මෙයට විසඳුමක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව ඖෂධ ගම්මානයක් ඇති කිරීමට යෝජනාවක් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් ඉදිරිපත් කරන ලදී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව ''දැයට කිරුළ'' පැවති භුමියේ නව ඖෂධ සහ ශල්‍ය උපකරණ නිෂ්පාදන කලාපයක් බිහි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. මෙය පූර්ණ පහසුකම් සහිත නගරයක් ලෙස ඉදිවන අතර, කර්මාන්තශාලා 25ක් සඳහා මේ වනවිටත් ආයෝජකයන් ලෙස ඒ වෙනුවෙන් ඉදිරිපත්ව ඇත. රජයට හෝ මහා භාණ්ඩාගාරයට බරක් නොවන අයුරින් මෙම ව්‍යාපෘතිය දියත් වේ.

මෙහි සමස්ත ආයෝජනය රුපියල් මිලියන 30,000 වන අතර රැකියා අවස්ථා 3000 මේ ව්‍යාපෘතිය ඔස්සේ ජනිත වනු ඇත. පෙති,කරල්, දියරමය ඖෂධ, එන්නත්, ශල්‍ය උපකරණ, සිරින්ජර, ශල්‍ය ඉඳිකටු හා මැහුම් ද්‍රව්‍ය, බැන්ඩේජ් සහ ප්ලාස්ටර් ඇතුළු නිෂ්පාදන ගණනාවක් සඳහා මෙම ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර මෙම නිෂ්පාදන කලාපය ඉදිකිරීමෙන් පසු එමගින් ශ්‍රී ලංකාවේ ඖෂධ සහ ශල්‍ය උපකරණ අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් (1/3) සැපිරෙනු ඇත. ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශය ව්‍යාපෘතිය මෙහෙයවයි.

2 views0 comments
bottom of page