top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අනෙකුත් රටවලට වඩා වේගයෙන් ශ්‍රී ලංකාවට නැඟී සිටීමට හැකි පරිසරය සකස් කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියි -



වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ විශාල ලෙස බදු සහන රැසක් ජනතාවට ලබාදීමට පියවරගෙන ඇති නමුත් මෑත කාලයේ ඇති වූ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථිකයට ඇති වූ බලපෑම අවම කිරීම වෙනුවෙන් මධ්‍යපරිමාණ සහ සුළුපරිමාණ කර්මාන්ත සඳහා තවදුරටත් බදු සහන ලබා දිය යුතු බවට රජය තීරණය කොට ඇති බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

ඒ අනුව, පශ්චාත් පුනර්ජීවනය සඳහා වූ බදු සහන ලබා දීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව ඇති බව ප්‍රකාශ කර සිටි අමාතවරයා රට වසා දමා තිබූ පසුගිය කාලයේ දී ගෙවිය යුතු ව තිබු අදායම් බදු පැහැර හැරීම සඳහා වූ දඩ මුදල් අය කිරීම නතර කිරීමට ද, නැවත එම දඩ මුදල් අය කිරීම 2020 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන බව ද ඒ මහතා මෙහි දී දැනුම් දුන්නේය. එමෙන්ම, 2018/2019 තක්සේරු වර්ෂය සඳහා නිකුත් කර ඇති තක්සේරු මත ගෙවිය යුතු හිඟ අදායම් බදු නිදහස් කිරීමට ද, 2019/2020 තක්සේරු වර්ෂය සඳහා අදායම් බදු වාර්තා ඉදිරිපත් කර බදු වාර්තා ඉදිරිපත් අකර ඇති සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයින්ට නැවත අතිරේක තක්සේරු නිකුත් නොකිරීමට ද, දේශීය අදායම් දෙපාර්තමේන්තුව සමඟ එකඟ වී ඇති සහ පැහැර හැර ඇති බදු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීමට මෙන්ම බැංකු වෙත නිකුත් කර ඇති තහනම් නියෝග නිකුත් කිරීම 2021 අප්‍රේල් මස 30 දක්වා අත්හිටුවීමට ද පියවර ගනු ලබන බව ද රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය. ඒ අනුව, නැවතත් ශ්‍රී ලංකා ආර්ථිකයට අවශ්‍ය මූල්‍ය උත්තේජනයන් විවිධ ක්‍රියාමාර්ගයන් ඔස්සේ ලැබෙන විට පශ්චාද් කොවිඩ් අර්බුද කාල සිමාව තුළ සාර්ථකව කළමනාකරණය කර ගැනීමට හැකි වූ බවත් ප්‍රකාශ කළ ඒ මහතා, නැවත ආර්ථිකමය වශයෙන් පුනර්ජීවනය නඟා සිටුවීමට සිදුවන කාල වකවානුවේ දී අනිකුත් රටවලට වඩා වේගයෙන් ශ්‍රී ලංකාවට නැඟී සිටීමට හැකි පරිසරය සකස් කිරීමට වත්මන් ආණ්ඩුවට හැකිවනු ඇතැයි තමන් විස්වාස කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

4 views0 comments
bottom of page