helloplanetaviss
අනගාරික ධර්මපාල විරුවාණන්‍ගේ 157 වන ජන්ම දිනය සැමරේ.

අනගාරික ධර්මපාල විරුවාණන්‍ගේ 157 වන ජන්ම දිනය සැමරේ.
අනගාරික ධර්මපාල විරුවාණනේගේ 157 වන ජන්ම දිනය නිමිත්තෙන් සෞඛ්‍ය රීති අනුව සිදු කළ පිංකම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන මහාබෝධි විහාරස්ථානයේ දී අද පැවැත්විණ.
මෙහි දී අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව නවමු ලෙස යාවත්කාලීන වූ මහාබෝධි සංගමයේ වෙබ් අඩවිය අමාත්‍යවරයා විසින් එළි දක්වන ලදී.
ඉන්දියාවේ සාංචි විහාරාධිකාරි පූජ්‍ය බානගල විමලතිස්ස හිමි, මහාබෝධි විහාරයේ තේවා භාරකාර පූජ්‍ය අබුලුගල සුමංගල හිමි, පූජ්‍ය ගලගම ධම්මරංසී හිමි, මහාබෝධී පදනමේ උපසභාපති, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ මේ අවස්ථාවට එක්වුහ.