top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අද (25) දිනයේදි අලුතින් කොවිඩ් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගැනේ.....



අද (25) දිනයේදි අලුතින් කොවිඩ් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගැනුණු අතර ඔවුන් සියලුදෙනා මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටින අය වේ.

ඉන් සිව්දෙනෙක් ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ ඇති අතර අනෙක් ආසාදිතයා බෙලරූස් රාජ්‍යයේ සිට නැවත මෙරටට පැමිණි අයෙක් වේ.

ඊයේ (24) දිනයේදි කොවිඩ් - නයින්ටීන් ආසාදිතයින් 11 දෙනකු හඳුනාගත් අතර ඉන් 9දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින අයයි.

එමෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයෙකුට වෛරසය ආසාදනය වී තිබේ.

ඊයේ දිනයේ හඳුනාගත් අනෙක් ආසාදිතයා එක්සත් රාජධානියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටින අයෙක්.

ඒ අනුව කන්දකාඩු කොවිඩ් පොකුර අද වන විට 572 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

9 views0 comments
bottom of page