අද (10) දිනය තුළ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 283ක් .....




තවත් කොවිඩ්-19 ආසාදිතයින් 87 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (10) දිනය තුළ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 283ක් වන අතර ඔවුන් සියලුදෙනාම කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇත.

කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ඊයේ (9) දිනයේ හඳුනාගත් ආසාදිතයින් 56 දෙනා ද සමග අදාළ මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 339කි.

මේ අතර අද හඳුනාගත් ආසාදිතයින් ද ඇතුළුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2437 දක්වා ඉහළ ගොස් ඇත.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ගණන 446කි.

පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 1980කි.

මේ අතර කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් සහ කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කර ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඔහු පවසන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 472 දෙනෙකු රැඳී සිටින අතර කාර්ය මණ්ඩල සාමාජිකයින් 204 දෙනෙකු සේවය කරන බවය.

කාර්ය මණ්ඩලයේ සේවය කළ සාමාජිකයින් 90 දෙනෙකු නිවාඩු ලබා නිවෙස් වෙත ගොස් සිටි අතර ඔවුන් සියලුදෙනා කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත කැඳවා ඇති බව මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නිරතව සිට නිවාඩු ලබා පැමිණ සිටිය දී කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වූ උපදේශිකාවගේ පියා හට කොවිඩ් ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය.

ඊට අමතරව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නිරතව සිට නිවාඩු ලබා පැමිණ සිටි යුද හමුදා මේජර්වරයෙකු නිරෝධායනයට යොමු කර ඇති බව වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවයේ නිරතව සිට නිවාඩු ලබා පැමිණි නිලධාරීන් දෙදෙනෙකු පැල්මඩුල්ල, කිරිවැල්දෙණිය සහ නාරන්ගොඩ යන ප්‍රදේශවල පිහිටි සිය නිවෙස් වෙත පැමිණ ඇති අතර එම නිලධාරීන් මේ වන විට කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

කෙසේවෙතත් ඔවුන්ගේ නිවෙස් සහ එම නිවෙස් ආශ්‍රිත විහාරස්ථානයක් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව පැල්මඩුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශිරන්ති රණසිංහ මහත්මිය සඳහන් කළේය.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ කිරින්ද, පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි උපදේශිකාවක ද කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ අදාළ උපදේශිකාවගේ නිවසේ සාමාජිකයින් සිව් දෙනෙකු සහ අසළ ඥාතී නිවසක සාමාජිකයින් 6 දෙනෙකු දින 14ක ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවය.

මේ අතර නිරෝධායන නීති වහාම නීතිගත කිරීමේ අවශ්‍යතා පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

14 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram