අද(08) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.




අද(08) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.


ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 240 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ(07) දිනයේ රෝගීන් 27 දෙනෙකු හඳුනා ගත් අතර මෙරට සමස්ත ආසාදිතයින් ගණන 824 ක් දක්වා ඉහළ ගියේය.


එම ආසාදිතයින් 27 දෙනා අතර නාවික හමුදා සාමාජිකයින් 25 දෙනෙකු සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.


කෙසේ වෙතත් මේ වන විට ලංකාවේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පිරිස 575 ක් වෙයි.

කොරෝනා ආසාදනය හේතුවෙන් ලංකාවේ මේ වන විට මරණ 9 ක් සිදුව ඇත.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017