top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අද සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත්වේ.....



අද (28) සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළේය. කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමග පසුගිය මාර්තු මස 20 වනදා පළමුවරට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ අතර ඉන් පසු අවස්ථා කිහිපයකදී ලිහිල් කෙරුණි. පසුගිය 13 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට අළුයම 04.00 දක්වා පමණකි. අද සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් වන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

9 views0 comments
bottom of page