top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අද සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කල ප්‍රදේශ හා හුදකලා බව ඉවත් කල ප්‍රදේශ....



අද (12) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් එලෙස හුදකලා කළ බවය.

මේ අතර අද උදෑසන සිට තවත් ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කර තිබේ.

ඒ අනුව හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.


අම්පාර දිස්ත්‍රික්කය

කල්මුණේ පොලිස් බලප්‍රදේශයේ, පොතුවිල් 13 ග්‍රාම නිලධාරී වසමේ කොටස


මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර පොලිස් බලප්‍රදේශයේ, සුදුහුම්පොළ බටහිර ග්‍රාම නිලධාරී වසමේ, විහාර පටුමඟ විහාර මාවත කප්පර පල්ලිය පාර

සුදුහුම්පොළ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ, නිවාස සංකීර්ණය මැදින් පාර කොටසක් පොල්වත්ත පාර කොටසක් පොල්වත්ත පාර කොටසක් කෝවිල් වත්ත කොටස


කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ, තුම්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ කරදියාන වත්ත ගම


යාපනය දිස්ත්‍රික්කය පේදුරුතුඩුව පොලිස් බලප්‍රදේශයේ, වඩමාරච්චි උතුර

  • හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ පහතින් දැක්වේ.


කුරුණෑගල දිස්ත්‍රික්කය

රස්නායකපුර පොලිස් බලප්‍රදේශයේ, කණුකැටිය ග්‍රාම නිලධාරී වසමේ කණුකැටිය ගම


නුවරඑළිය දිස්ත්‍රික්කය

නාවලපිටිය පොලිස් බලප්‍රදේශයේ‍, කැටබුලාව මධ්‍ය කොටස

0 views0 comments
bottom of page