අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීම පිළිබඳව ලබන සතියේ දී තීරණයක් ගතහැක.




අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීම පිළිබඳව ලබන සතියේ දී තීරණයක් ගතහැකි බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මාතර දී මාධ්‍ය වෙත් අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පාසල් විවෘත කරන දිනය ලබන සතියේ තීන්දු කළ හැකි වනු ඇති බවයි.

පුංචි දරුවන් පාසල් ගෙන ඒමට තිරණයක් නොමැති බවත්, පළාත් පාලන ආයතනවල සහයෝගය ලබා ගනිමින්, සියලු පාසල් විෂවීජහරණය කිරීමටද කටයුතු සුදානම් බවත් අමාත්‍යවරයා පැවසීය.

පසුව දින 4ක් පමණ පාසල් වසා තැබිය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තිරණය කළ බවද පැවසු අමාත්‍යවරයා, කාලසටන් වෙනස් කිරීමට සිදුවෙනු ඇතැයි ද කියා සිටියේය.

දෙවන අදියර ලෙස සාමාන්‍ය පෙළ දරුවන් පාසල් වෙත කැඳවීමට බලාපොරොත්තු වන බවත් පැවසු ඒ අමාත්‍යවරයා, ඉන් අනතුරුව ප්‍රාථමික අංශ කෙරෙහි අවධානය යොමු කරන බවත් පැවසීය.

3 views

HELLORADIO

CONTACT US

077 7 369 324

helloradio.lk

ABOUT US

Hello, Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software, and unique solutions using Social Media as a tool of communication.

Hello Digital Media Network 2017 © Copyright  2020

MENU

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram