top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අද්මිරාල් පියල් ද සිල්වා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි...



ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපති ලෙස 2019 ජනවාරි 01 වන දින සිට රාජකාරී ආරම්භ කරන ලද අද්මිරාල් පියල්ද සිල්වා මහතා අද (  ජුලි 15) දින විශ්‍රාම යන ලදි.

අද (  ජුලි 15) නාවික හමුදා චාරිත්‍රානුකූලව නාවික හමුදාධිපති ධූරයේ රාජකාරීන් වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත භාර දුන් අද්මිරාල් පියල් ද සිල්වා, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මව්බිම වෙනුවෙන් සිදු කළ 36 වසරකට අධික අනගිභවනීය සේවය නිමා කරමින් අද ( ජුලි 15) විශ්‍රාම යන ලදී. නාවික හමුදා මූලස්ථානයේදී අද්මිරාල් පියල් ද සිල්වා වෙත සම්මාන ආචාර මුරයක් මගින් ආචාරය පුද කරන ලද අතර,සිය සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් අද්මිරාල් පියල් ද සිල්වා හට සුභාශිංසන එක් කළහ.


8 views0 comments
bottom of page