top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස වරාය මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනවා - වරාය හා නාවික අමාත්‍ය.....



දිවයිනේ ප්‍රධාන ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානය ලෙසින් කොළඹ වරාය වෙත විශාල වගකීමක් පැවරී තිබෙන බවත්, එකී වගකීම් නොපිරිහෙලා ඉටුකිරීමට නිරන්තරයෙන් කටයුතු කරන බවත්, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසී ය.

ඒ මහතා මෙසේ පැවසුවේ, 19 දින කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මෙහෙයවන ජයබහළු පර්යන්තයේ විශේෂ නිරික්‍ෂණ චාරිකාවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, කොවිඞ් - 19 අධි වසංගත තත්ත්වය හමුවේ සමස්ථ ලෝකයේ ම ආර්ථික තත්ත්වය බිඳ වැටුණු බවත්, එම තත්ත්වය තුළ කොළඹ වරායේ ද බහලු මෙහෙයුම් වල බිඳවැටීමක් සිදු වූ බවත් පැවැසී ය. මේ තත්ත්වය මඟ හරවා ගනිමින් නිසි ලෙසින් සේවකයින් කළමණාකරණය කරමින්, බහලු මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පෙර පරිදි පවත්වා ගැනීමට සියලු කටයුතු සම්පාදනය කර ඇති බැව් අවධාරණය කළේ ය. තවද, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි වරාය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කොට ගැසට් නිවේදනයක් මගින් එහි සේවාවන් ප්‍රතිස්ථාපිත කර ඇති අතර, එමගින් දවසේ පැය 24 පුරාම වරාය සක්‍රීය ලෙස පවත්වාගෙන යමින් සේවා සැපයුම් හා මෙහෙයුම් ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට උරදෙන සියලුම නිලධාරී මහත්ම, මහත්මීන්, සේවක මහත්ම මහත්මීන් හා වෘත්තීය සමිති නියෝජිතයින් හට ද සිය ප්‍රණාමය පුද කර සිටින බැව් පැවසී ය. වැඩිදුරටත් කරුණු දැක්වූ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා, කොළඹ වරාය පරිශ්‍රයේ සියලු සේවා පහසුකම් අඛණ්ඩව නිසි ලෙසින් සිදු කරමින් පවතින බැවින් ජන ජීවිතයට අත්‍යාවශ්‍ය සියලු භාණ්ඩ ප්‍රමාදයකින් තොරව ලබා දීමේ ප්‍රධාන පාර්ශවය ලෙසින්, වරායේ සීනි, පොහොර ඇතුළු සාම්ප්‍රදායික නැව් බඩු මෙහෙයුම් කටයුතු ද, අනෙකුත් බහලු මෙහෙයුම් කටයුතු ද නිසි ලෙසින් සිදුවේ. ශ්‍රී ලාංකේය කෘෂි කර්මාන්තය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම උදෙසා පසුගියදා කොළඹ වරායට පැමිණි පොහොර නැව් 21 ක් කඩිනමින් මෙහෙයුම් කළ අතර, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආනයනික භාණ්ඩ ද කිසිඳු හිඟයකින් තොරව රටතුළ බෙදා හැරීමට අවශ්‍ය කටයුතු කර තිබෙන බැව් අවධාරණය කළේ ය.



2 views0 comments
bottom of page