helloplanetaviss
අත්‍යාවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති කුමන ව්‍යසනයක් පැමිණියත් නැවැත්විය යුතු නෑ- ජනමාධ්‍ය අමාත්‍ය

අත්‍යාවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති කුමන ව්‍යසනයක් පැමිණියත් නැවැත්විය යුතු නොමැති බවත්, මෙරට පැවති දෙමළ ඊලාම් යුද්ධයේ ඉතාමත් කුරිරු අවස්ථාවේ දී පවා අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුතු උතුරු නැගෙනහිර ප්‍රදේශය තුළ පවා සිදුවූ බවත්, එම නිසා වසංගත තත්වයක් යටතේ සමස්ත සංවර්ධන කටයුතු නතර කළ යුතු නොමැති බවත්,කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(සැප්තැම්බර් 14) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මෙම ව්‍යසනකාරී තත්වය තුළ සංවර්ධන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. ප්‍රමුඛතාවය අනුව රටේ ආර්ථිකය මැනවින් තුලනය කරගනිමින් අනිවාර්යයෙන්ම කළ යුතු කල් දැමිය නොහැකි සංවර්ධන කටයුතු සිදු කළ යුතු බවත්, එවැනි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් තීන්දු ගැනීමට කිසිසේත් පැකිලිය යුතු නොමැති බවත්, එසේ නොගන්නේ නම් මෙරටට ඉදිරි ගමනක් නොමැති බවත්, අමාත්‍යවරයා අවධාරණය කළේ ය. සංවර්ධන දර්ශකවල පහළ අගයක් ගන්නා රටවල් පවා කොවිඩ් තත්ත්වය මධ්‍යයේ ඔවුන්ගේ සංවර්ධන කටයුතු අඩාල කර නොගන්නා බවත්, පුරවැසියන්‌ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව මූලික කරගෙන සංවර්ධන කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.