top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ සියල්ල හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා....



රට තුළ පවතින කොරෝනා වසංගතය මැඩලීම උදෙසා රජය ගන්නා ක්‍රියාමාර්ග වල දී ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ සියල්ල හිඟයකින් තොරව අඛණ්ඩව සැපයීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනු ලබන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති අත්‍යවශ්‍යසේවා අඛණ්ඩව සැපයීම පිළිබද මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.


පරිප්පු, ලූණු, කඩල, සීනි වැනි ඇතැම් භාණ්ඩ ආනයනය කරන හෙයින් හිඟයකින් තොරව ආනයනය කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා සැපයීම හේතුවෙන් කොළඹ නගරයේ නැව් නියෝජිත ආයතන සියල්ල විවෘතව තැබෙන අතර භාණ්ඩ ආනයනය කරන ආනයනකරුවන්ගේ තොග ගබඩා සියල්ල ද විවෘතව තැබෙන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කරන ලදුව මේ වන විට පිටකොටුව තොග වෙළඳපොල මේ වන විට වසා ඇති බැවින් එමඟින් භාණ්ඩ ලබාගන්න සැපයුම්කරුවනට සුපුරුදු පරිදි කිසිඳු හිඟයකින් තොරව භාණ්ඩ රැගෙන යා හැකි පරිදි ආනයනකරුවන්ගේ තොග ගබඩා සියල්ල විවෘත ව තිබෙන බව ද මෙහි දී සඳහන් කළේය.

දිවයින පුරා පවතින සතොස තොග ගබඩා සහ ශාඛා සියල්ල විවෘතව තැබෙන අතර සංචරණ සිමා පනවා ඇති දිනවල සතොස ශාඛා වලින් කිසිඳු සිල්ලර වෙළදාමක් සිදු නොකෙරන බවත්, සතොස හරහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට අදාළ බල ප්‍රදේශ වලට අවශ්‍ය සහන මලු සකස් කිරීම සඳහා එම භාණ්ඩ තොග වෙළඳපොළ මිල ගණන් වලට වඩා අඩු මිල ගණන් යටතේ ලබා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ද කියාත්මක කෙරෙන බවත්, හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා ග්‍රාමීය මට්ටමින් භාණ්ඩ බෙදාහැරීමට ඒ ඒ ප්‍රදේශ වල තෝරාගත් ජංගම වෙළඳුන් හට ප්‍රාදේශීය ලේකම් විසින් ලිඛිත අවසරයක් ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා මෙහි දී සඳහන් කළේය.


1 view0 comments
bottom of page